Wednesday, April 24, 2024

General line - 0115112241

ඔබාමාගෙන් ට්‍රම්ප්ට රුසියාව ගැන පාඩමක්




අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සිය අවසන් විදෙස් සංචාරය ලෙස ජර්මනියට පැමිණියා.

එහිදී ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ද මුණගැසී ඔහු සාකච්ඡා පවත්වා තිඛෙනවා.

පසුව බර්ලින්හි දී මාධ්‍ය ඇමතූ බරක් ඔබාමා පැවසුවේ රුසියාව විසින් අමෙරිකාවේ වටිනාකම් හෝ ජාත්‍යන්තර නියමයන් කඩ කරන්නේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට එරෙහිව නැගී සිටිනු ඇති බවයි.

සැබෑ දේශපාලන ප්‍රවාහයේ දී රුසියාව සමග ගනුදෙනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සැහැල්ලූවක් කර නොගනු ඇතැයි ද ඔබාමා මෙහි දී විශ්වාසය පල කළා.

2008 වසරේ අමෙරිකානු ජනාධිපති ධුරයට බරක් ඔබාමා පත්වීමෙන් පසු ජර්මනියට පැමිණි අවස්ථාවේ බර්ලින් නුවර දී ඔහු පිළිගැනුනේ ජනප්‍රිය රොක් තරුවක් ලෙසින්.

ලක්ෂ සංඛ්‍යාත ජර්මානු වැසියන් එහි දී ඔල්වරසන් දෙමින් ඔබාමා පිළිගැනීම ද කැපී පෙනුනා.

කෙසේ වෙතත් ඉන් වසර අටක් ගත වී ඔබාමා අමෙරිකානු ජනාධිපති ධුරයට සමුදීමට පෙර අවසන් වරට ජර්මනියට පැමිණි මෙවර ඔහු පිළිගැනීමට සිටියේ ඉතා සුළු පිරිසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.