Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ අධිවේගී දුම්රියක් පීලි පනී – 150 කට වැඩි පිරිසක් අනතුරට




ඉන්දියාවේ කාන්පූර් ප්‍රදේශයේදී අධිවේගි දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයන් 30 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ තවත් 150 කට වැඩි පිරිසක් අනතුරෙන් තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූවන් කාන්පූර්හි රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල්වලට ඇතුළත් කරමින් සිටිනවා.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.

අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූවන්ට කණගාටුව පළ කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්වීටර් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා.

_92566093_cx7ca2ph train-accident