Friday, March 29, 2024

General line - 0115112241

අය වැයෙන් වාහන වර්ග 02ක මිල ලක්ෂ 30 බැගින් අඩු වෙලා..!



2017 අය වැයෙන් වාහන වර්ග දෙකක මිල රුපියල් ලක්ෂ 30න් පමණ අඩුවී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව කෲ කැබ් වර්ගයේ වාහන සඳහා තිබූ තීරු බදු ප්‍රමාණය මෙවර අයවැයෙන් ලක්‍ෂ 70 සිට ලක්‍ෂ 35-40 අතර ප්‍රමාණයකට අඩුවීම නිසා රුපියල් ලක්‍ෂ 90 ක්‌ පමණ වූ එම වාහනයක්‌ රුපියල් ලක්‍ෂ 60 ක පමණ මිලක්‌ නියම වනු ඇතැයි පැවසෙනවා.

එමෙන්ම වෙළෙඳපොළ ආරංචි පෙන්වා දෙන්නේ එන්ජින් 2000 සහ 3000 ආදී එන්ජින් ධාරිතාව සහිත වාහනවල තීරු බදු ප්‍රමාණය අඩු කිරීමකට ලක්‌ කොට ඇත. ඒ අනුව එම කාණ්‌ඩයට අයත් රේන්ඡ් රෝවර් වැනි මෝටර් රථයක බදු ලක්‍ෂ 30 කින් පමණ අඩුවන බව වෙළඳපොල ආරංචි පවසනවා.