Thursday, April 25, 2024

General line - 0115112241

වළදමා තිබූ ජාතික හැඳුනුම්පත් තොගයක් හමුවෙයි (PHOTOS)




වළදමා තිබූ ජාතික හැඳුනුම්පත් තොගයක් අද (21) සොයා ගෙන තිබෙනවා.

ඒ අම්බලන්තොට බැමිණියන්විල ප‍්‍රදේශයේ වාරිමාර්ග රක්ෂිත ඉඩමක වළදමා තිබියදීයි.

ප‍්‍රදේශයේ නඩත්තු කටයුත්තක් සඳහා බැකෝ යන්ත‍්‍රයකින් පස් කපමින් සිටි අවස්ථාවේදී ජාතික හැඳුනුම්පත් තොගය සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙලෙස සොයාගෙන ඇති ජාතික හැඳුනුම්පත් ප‍්‍රමාණය 1050 ක්. ජාතික හැඳුනුම්පත් තොගය මේ වන විට අම්බලන්තොට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එ්වායේ මාමඩල, බැමිණියන්විල, හංගන්වගුර යන ප‍්‍රදේශවල ලිපිනයන් සටහන්ව තිබූ බවයි පොලීසිය පැවසුවේ.

image-www-nethnews-lk00001 image-www-nethnews-lk00002 image-www-nethnews-lk00003 image-www-nethnews-lk00004 image-www-nethnews-lk00005 image-www-nethnews-lk00006