Friday, March 29, 2024

General line - 0115112241

චීනයේ 40කට වැඩබිම සුසානයක් වෙයි (PHOTOS)




චීනයේ ජිඇංෂි ප‍්‍රාන්තයේ වැඩබිමක සිදු වූ අනතුරකින් පුද්ගලයින් 40 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බලාගාරයක ඉදිකිරීම් සිදු කරමින් සිටි අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

සුන්බුන් අතර තවත් සැලකිය යුතු පිරිසක් සිරවී සිටින බවට ද සැක කෙරෙනවා.

ඒ අනුව ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටයි පැවසෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ 68 කට අධික පිරිසක් මෙම වැඩබිමේ සේවය කරමින් සිටියා.

5000 3118