Tuesday, April 16, 2024

General line - 0115112241

ඌරෙක් එක්ක බැංකුවට ගිය ඉන්දීය නළුවා




දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන රවී බාබු ඌරෙකු සියතින් ගෙන මුදල් ලබාගැනීම සඳහා බැංකුවක පෝලීමේ රැඳී සිටින ඡායාරූපයක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් මතුව තිඛෙනවා.

පසුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ මීළඟ චිත්‍රපටයේ තමන්ට රඟපෑමට සිදුව ඇත්තේ මෙම ඌරා සමග බවයි.

එබැවින් මුදල් ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම සත්වයා ද රැගෙන පැමිණීමට සිදු වූ බව ඔහු පවසා තිඛෙනවා.

ඉන්දියාවේ මේ දිනවල පවතින මුදල් අර්බුදය හේතුවෙනුයි අදාළ ඡායාරූපය පිළිබඳ දැඩි කතාබහක් මතුව ඇත්තේ.

රවී බාබු නම් වූ මෙම නළුවා ද ප්‍රකාශ කර ඇත්තේ රුපියල් දෙදහසක මුදලක් ලබාගැනීමට තමාට විනාඩි 15 කට වැඩි කාලයක් පෝළීමේ රැඳී සිටීමට සිදු වූ බවයි.

2543453