Friday, March 29, 2024

General line - 0115112241

කැස්ත්‍රෝ ගේ අභාවයෙන් පැය කිහිපයකට පසු ට්‍රම්ප්ගෙන් සැර චෝදනාවක්




අභාවප‍්‍රාප්ත කියුබානු හිටපු නායක ෆිදෙල් කැස්ත්‍රෝ, දරුණු ආඥාදායකයෙකු බව අමෙරිකානු නව ජනාධිපති ඩොලන්ඞ් ට‍්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ කැස්ත්‍රෝගේ අභාවය දැනුම්දී පැය කිහිපයක් තුළයි.

ට‍්‍රම්ප් පවසන්නේ වඩාත් නිදහස් වූ අනාගයත් වෙත කියුබානු ජනතාවට පිය නැගීමට දැන් අවස්ථාව උදාවනු ඇති බවයි.

1959 වසරේදී එවක පැවති ආණ්ඩුව පෙරළා දැමූ ෆිදෙල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් විප්ලවය හරහා බලයට පැමිණියා. පුරා දශක ගණනාවක් අමෙරිකානු පාලනයට එරෙහිව නැගී සිටි නායකයෙකු ලෙසටයි කැස්ත්‍රෝ සැලකෙන්නේ.