සිය අසහාය නායකයා වූ ෆිදෙල් කැස්ත්‍රෝ වෙනුවෙන් අවසන් ගෞරව පුද කිරීම සඳහා තවමත් වැල නොකැඞී කියුබානු ජනතාව පැමිණෙමින් සිටිනවා.
ඔහු වෙනුවෙන් පැවැත්වෙන ගරු බුහුමන් සහ සැමරුම්ද තවමත් සිදුවන බවයි විදෙස් මාධ්‍යයන් හි දැක්වෙන්නේ.
විප්ලවය සිහිවීම පිණිස ඉදිකළ හවානා නුවර පිහිටි චතුරස‍්‍රයේ තබා ඇති කැස්ත්‍රෝගේ විශාල ඡුායාරූපය ඉදිරිපිටට රැස්වූ බොහෝ දෙනෙකු සිය ගෞරව පුදකිරීමද විශේෂත්වයක්.
දින 9ක ශෝක කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන ඉරිදා කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ තැන්පති කිරීමෙන් අනතුරුවයි.