Thursday, September 19, 2024

General line - 0115112241

බැඳුම්කර පාඩුවට නොදෙවෙනි සහල් ගනුදෙනුවක් හඳුන්නෙත්ති හෙළි කරයි




අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12වන දිනය වූ අද කර්මාන්ත හා වාණිජ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා ප‍්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනුණා.

විවාදයට එක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති 2014, 2015 කාලසීමාවේදී සතොස මගින් සහල් ආනයනය කිරීමේදී සිදුවූ මූල්‍ය පාඩුවක් පිළිබඳ තොරතුරු හෙළි කළා.

“බැඳුම්කර වංචාව වගේම රටට මූල්‍ය පාඩුවක් සිදුකරපු මහා දැවැන්ත සහල් ගණුදෙනුවක් තියෙනවා. ලංකා සතොස විසින් ගොවියන්ගෙන් වී මිලදී ගන්නවා වෙනුවට ඉතාම අත්තනෝමතික විදිහට ලංකාවට ගෙන්නපු හාල් ප්‍රමාණයක් තියෙනවා.

දැනට ගිහින් බැලුවත් ගුදම්වල තියෙනවා කන්ට්‍රේනර් ගණනාවක් ඒ ගෙන්නපු හාල්. විශේෂයෙන්ම 2014 සහ 2015 අවුරුදු දෙකේදී දේශීය නිෂ්පාදනය කරන හාල් මෙට්‍රික් ටොන් 46,698ක් ලංකා සතොසට ගන්නකොට, ලංකාවට ගෙන්නලා තියෙන ප්‍රමා‍ණය 2,75,693ක්. විදේශ වෙළඳපොලෙන් ගත්ත ප්‍රමාණය විතරක් කෝටි 973ක 2014 සහ 2015. ඒ විතරක් නෙමෙයි එහෙම තියෙද්දි 2014 ඉඳලා පටන්ගත්තා පුන්නි සම්බා රුපියල් 75ට ගෙන්නපුවා රුපියල් 60ට විකුණන්න. ඒකෙන් අවසාන වෙච්ච පාඩුව කෝටි 236යි. මේ වෙනකොටත් ඒ ක්‍රියාවළිය සිදුවෙනවා.

දැන් ඊලඟට මොකද වෙන්නේ මේ තැන්වල තියෙලා තියෙන ගබඩාවේ හාල් විවිධ උපක්‍රම පාවිච්චි කරලා PHI වාර්තා අරගෙන මින්ස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් හාල් තියෙනවා ඒවා සත්ත්ව ආහාර හැටියට පාවිච්චි කරලා රුපියල් 38ට විකුණනවා”.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඊට ප‍්‍රතිචාර දැක්වූ අයුරු පහතින් ඇසිය හැක.