Thursday, September 19, 2024

General line - 0115112241

ලංගම බස් රථවලට පහරදෙන පුද්ගලයින් සොයා පරීක්ෂණ




ලංගම බස් රථවලට පහරදීම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමටත් රාජ්‍ය දේපළවලට හානි කිරීමටත් එරෙහිව නීතිය තදින් කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවයි.

අදාළ සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරනු ඇති බවද එම නිවේදනයේ සඳහන්.

15267628_1325643714143780_8196423571388500653_n 15283926_1325643690810449_3901220595818710345_n