තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ආධාරකරුවෙකු මියගොස් තිබේ.
පසුගිය රාත්‍රියේදී මොහු මෙසේ මියගොස් ඇත්තේ ජයලලිතා ජයරාම්ගේ ආසාධ්‍ය තත්වය පිළිබඳ පුවත මාධ්‍ය ඔස්සේ සැලවීමත් සමගයි.
නෙලගන්දන් නැමති මොහු ඇගේ අසාධ්‍ය තත්වය පිළිබඳ රූපවාහිනිය ඔස්සේ ප්‍රවෘත්ති නරඹද්දී හෘදයාබාධයක් ඇතීවීම හේතුවෙන් මියගොස් තිබේ.
ජයරාම් මෙනෙවියගේ අසනීප තත්වය නිසා ශෝකයට පත්වී ඇගේ ආධාරකරුවන් මියගිය පුවත් පසුගිය කාලයේදීද ඉන්දීය මාධ්‍ය අණාවරණය කළේය.
ජයලලිතා ජයරාම් යනු තමිල්නාඩු ප්‍රාන්තයේ ජනතාවගේ අදාරයට ගෞරවයට ලක්වූ චරිතයකි ඒ නිසාම බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ‘අම්මා‘ නමිනි.