නයිජීරියාවේ සිදු වූ මරාගෙන මැරෙන ප්රහාරයකින් පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් තිබෙනවා.
පුපුරුවා ගැනීම සිදුකර ඇත්තේ පාසල් වයසේ ගැහැනු ළමයින් දෙදෙනෙකු බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ජනාකීර්ණ වෙළඳපොල පරිශ්රයක දී මෙම ප්රහාරය සිදුව තිබෙනවා. කිසිදු පාර්ශවයක් තවමත් මෙහි වගකීම භාරගෙන නැහැ.