Friday, March 29, 2024

General line - 0115112241

කාර් බෝම්බයක් සහ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්! 15ක් මරුට




තුර්කියේ ඉස්තාන්බුල් නුවර පාපන්දු ක‍්‍රීඩාංගණයක් අසළ ප‍්‍රබල පිපිරීම් දෙකක් සිදුව තිබෙනවා. ඉන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 15 ක්. තවත් 69 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මූලික පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ කාර් බෝම්බයක් සහ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් සිදුව ඇති බවයි.

පොලිස් නිලධාරීන් පිරිසක් එහි ඉලක්කය වී තිබුණා. ඇසින් දුටුවන් පවසන්නේ බෝම්බ පිපිරීම්වලින් පසු වෙඩි ප‍්‍රහාරයක් ද එල්ල වී ඇති බවයි. සිද්ධියෙන් පැය 02 කට පසු ක‍්‍රීඩාංගණයේ සිටි සියලූ පේ‍්‍රක්ෂකයින් ඉන් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් කිසිදු සංවිධානයක් මෙතෙක් ප‍්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.

01 02 03