Friday, September 20, 2024

General line - 0115112241

වරාය සේවකයින්ට එල්ල කල ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙළාදකී




හම්බන්තොට වරාය සේවකයින් විසින් ක්‍රියාත්මක කල විරෝධතා ව්‍යාපාරයට එල්ල කල ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව පවසනවා.

නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ එම උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ සිය රැකියාවේ සුරක්ෂිතභාවය සහ එය අතිශය සාධාරණ මානුෂීය ඉල්ලීමක් බවයි. නමුත් මෙකී යුක්ති සහගත වෘත්තීය අරගලයට ආණ්ඩුව දැක්වුයේ අමානුෂික ප්‍රතිචාරයක් බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

‘සිය අයිතීන් දිනා ගැනීම උදෙසා ගොනු වන මහජනයා එලව එලවා පහර දී පන්නා දැමීම ආණ්ඩුවේ සම්මත ප්‍රතිචාරය බවට පත්ව තිබේ. හම්බන්තොට වරාය පරිශ්‍රයේදී සිදු වුයේ ඊටත් වඩා බරපතල තත්වයකි. නිරායුධ වරාය සේවකයින් අභියසට ක්ෂණයකින් ආයුධ සන්නද්ධ නාවික හමුදා භට පිරිසක් කැඳවා තිබුණි. සිද්දිය වාර්තා කිරීමට පැමිණි මාධ්‍ය වේදීන් ඇතුළු පිරිසකට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් ආකාරය මුළු රටම දුටුවේය’. යනුවෙන්ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එම නිවේදනය පහතින් දැක්වේ

01 02