Thursday, April 18, 2024

General line - 0115112241

තවත් රටක් මුදල් නෝට්ටු අවලංගු කරයි




වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු අවලංගු කර ඒ වෙනුවට කාසි හඳුන්වා දීමට වෙනිසියුලාව තීරණය කර තිබෙනවා.

පැය 72 ක් ඇතුළත මෙම පරිවර්තනය සිදු කරන බවයි එරට ආණ්ඩුව කියා සිටියේ. විවිධ මූල්‍ය ජාවාරම් වළක්වාලීමත්, මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා ජය ගැනීමත් මෙහි අපේක්ෂාව වී තිබෙනවා.

ඉතා ඉහළ උද්ධමනයකට වෙනිසියුලාව මේ වනවිට මුහුණ දී සිටින ප‍්‍රධානම ආර්ථික දුෂ්කරතාවයි. නවතම රාජ්‍ය දත්තවලට අනුව එරට උද්ධමනය සියයට 180 ක් වනවා.

ලබන වසරේ දී මෙම අගය සියයට දෙදහස දක්වා තවදුරටත් වැඩිවනු ඇති බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබෙන්නේ.

මේ අතර ජාවාරම් වැළැක්වීමේ අරමුණින් භාවිතයේ තිබූ වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු අවලංගු කිරීමට ඉන්දියාව ද මීට පෙර කටයුතු කළා.