Friday, October 25, 2024

General line - 0115112241

හම්බන්තොට වාරාය සේවකයන් හෙට සිල් ගනී




දින කිහිපයක් පුරා උද්ඝෝෂණයේ නිරත වී සිටින හම්බන්තොට වරායේ සේවකයින් සියලුදෙනා හෙටට (13) යෙදෙන පොහොය දිනයේ සිල් සමාදන් වීමට තීරණය කර තිබෙනවා.

හම්බන්තොට වරාය සේවක සංගමයේ උප සභාපති අයි.කේ. උමේෂ් පැවසුවේ තම කි‍්‍රයාමාර්ගය සාර්ථක කරගැනීමට භික්ෂූන්වහන්සේලාගේ ද ආශිර්වාදය ලැබී ඇති බවයි.

වරාය අධිකාරියේ ස්ථිර සේවකයින් ලෙස බඳවා ගන්නැයි බලකරමින් හම්බන්තොට වරාය සේවකයින් තවදුරටත් සත්‍යග‍්‍රහයක ද නිරත වනවා.

වරායේ ආරක්ෂාව සඳහා නාවික හමුදාව සහ පොලිසිය ද තවදුරටත් රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.