Wednesday, April 24, 2024

General line - 0115112241

තමිල්නාඩු නව මහඇමතිත් ශ‍්‍රී ලංකාවට එරෙහි වෙයි




ශ‍්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු නව ප‍්‍රධාන අමාත්‍ය ඕ. පන්නීර් සෙල්වම් ද ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයින්ට තවදුරටත් හිරිහැර සිදුවන බවයි. එය නැවැත්වීමට ඉන්දීය මධ්‍යම රජය කඩිනමින් මැදිහත් විය යුතු බවයි නව ප‍්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඉකුත් නොවැම්බර් 19 වෙනි දින තමිල්නාඩු ධීවරයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහුගේ ලිපියේ සඳහන්. ධීවරයින්ගේ බෝට්ටු 107ක් ද ශ‍්‍රී ලංකාව භාරයේ ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු නව මහඇමතිවරයා ලෙස පත්කෙරුණේ ඕ. පන්නීර් සෙල්වම්. ඔහු ජයලලිතාගේ සමීපතමයෙකු ලෙසටයි සැලකෙන්නේ.

ඉන්දු – ශ‍්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත ඔහු යැවූ පළමු ලිපිය ද මෙයයි.