Friday, March 29, 2024

General line - 0115112241

දැඩි බාධා මැද සිවිල් වැසියන් මුදා ගැනේ




යුද ගැටුම් හේතුවෙන් සිරියාවේ ඇලෙප්පෝ නගරයේ කොටු වී සිටින සාමාන්‍ය ජනතාව බේරා ගැනීමේ මෙහෙයුම් යළි ආරම්භ වී තිබෙනවා.

ගම්මාන දෙකක සිර වී සිටින මෙම පිරිස බේරා ගැනීමේ කටයුතුවලට ඉකුත් දින කිහිපයේ දැඩි බාධාවක් එල්ල වුණා.

ඒ, සිවිල් වැසියන් රැගෙන යාමට පැමිණි බස් රථවලට කැරළිකරුවන් ගිනි තැබීම හේතුවෙන්. දහස් සංඛ්‍යාත පිරිසක් රජයේ පාලනය පවතින ප‍්‍රදේශයට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවනවා.

මේ අතර සිවිල් වැසියන් බේරා ගැනීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂකයින් යෙදවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද තීරණය කර තිබෙනවා.