Friday, April 19, 2024

General line - 0115112241

ලංකාවේ දුවන්න අවසර නැති සුපිරි වාහනයක් නොම්මරෙත් නැතුව යද්දී මාතරදී කොටුවූ හැටි (PHOTOS)



ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු විසින් පදවාගෙන ඇමරිකාවේ නිෂ්පාදිත හමර් රථයක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රියදුරුගෙන් කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ මෙම මෝටර් රථයට ලියාපදිංචි අංකයක් නොමැති බව අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම රථය භාවිතා කිරීමට නිකුත් කළ තාවකාලික රක්ෂණ සහතික පතක් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව විසින් නිකුත්කළ අවසර පත්‍රයක් පොලීසියට පෙන්වා ඇත.

ඉදිරි මාස තුන ඇතුළත මෙම රථය නැවත ඇමරිකාව බලා නැව්ගත කරන බව ඔහු පවසා තිබේ.

මෙය වම්පසින් ධාවනය කරන මෝටර් රථයක් වන අතර එසේ ධාවනය කරන්නේ නම් මෝටර් රථය ඉදිරිපස හා පිටුපස මෙය වමිපසින් ධාවනය කරන රථයක් බවට සංඥා කළ යුතුය.නමුත් අත්අඩංගුවට ගත් මොහොතේ රියදුරු විසින් එය පැහැරහැර තිබේ.

කෙසේ වෙතත් පරීක්ෂා කිරීම් වලින් අනතුරුව රථය මුදාහැරීමට පොලීසිය කටයුතු කර ඇත.

9887