Tuesday, April 23, 2024

General line - 0115112241

සියලුම රුසියානු තානාපතිවරුන්ගේ ආරක්ෂාව දැඩි කෙරේ




රුසියාවේ තානාපතිවරුන් සිටින කාර්යාලවල ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා මූලික වී කටයුතු කරන්නේ රුසියානු බුද්ධි සේවාවයි.

තුර්කියේ රුසියානු තානාපතිගේ ඝාතනය ඊට හේතු වී තිබෙනවා.

තුර්කියේ රුසියානු තානාපති අන්ද්රේයි කාලොෆ්  වෙඩි තබා ඝාතනය කෙරුණා. ඒ කලාගාරයක කතාවක් සිදුකරමින් සිටියදීයි.

වෙඩි තැබූ පුද්ගලයා විසි දෙහැවිරිදි පුද්ගයෙකු වන අතර ඔහු කිසියම් සංවිධානයකට සම්බන්ධ දැයි මෙතෙක් හඳුනාගෙන නැහැ. ඔහුද වෙඩි පහරකින් ජීවිතක්‍ෂයට පත්වී තිබෙනවා.