Wednesday, April 24, 2024

General line - 0115112241

ජර්මනියේ ප්‍රහාරයේ වගකීම IS බාරගනී




ජර්මනියේ බර්ලින් අගනුවර නත්තල් වෙළද පොලක් තුළට ලොරි රථයක් කඩා වදිමින් සිදුකළ සිද්ධියේ වගකීම අයි එස් සංවිධානය භාරගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ තම සංවිධානයේ සාමාජිකයෙකු මෙම සිද්ධියට සම්බන්ධ බවයි. ප‍්‍රහාරය එල්ල කළ ආකාරය ඉස්ලාමීය අන්තවාදීන්ගේ කි‍්‍රයාවක් බවට දක්නට ලැබෙන්නේ යැයි ජර්මන් රජයේ ප‍්‍රකාශකයෙකුද සදහන් කර තිබෙනවා.

ලොරි රථය කඩා වැදීමෙන් සිදුවූ මෙම සිද්ධියෙන් පුද්ගලයින් දොලොස් දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 49 ක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථය පැදවු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනා. කෙසේවෙතත් අත්අඩංගුවේ පසු වන්නේ සැබෑ ප‍්‍රහාරකයා දැයි ස්ථිරව ප‍්‍රකාශ කළ නොහැකි බව ජර්මන් පොලීසිය පසුව ප‍්‍රකාශ කළා. සැකකරු පාකිස්තානයේ සිට ජර්මනියට සංක‍්‍රමණය වූ අයෙක්. කෙසේවෙතත් ඔහු පවසා ඇත්තේ තමන් ප‍්‍රහාරයට සම්බන්ධ නොමැති බවයි.