Tuesday, April 23, 2024

General line - 0115112241

ලිබියානු ගුවන් යානය පැහැරගත් හේතුව හෙළිවෙයි




මගීන් 118ක් රැගත් ලිබියානු ගුවන් යානය පැහැරගත් පුද්ගලයින් දෙදෙනාගේ අරමුණ වී ඇත්තේ යුරෝපයේ දේශපාලන රැකවරණ ලබාගැනීම බව
ද ටෙලිග්‍රාෆ් පුවත් සේවාව පවසනවා.

ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාෆිගේ ආධාරකරුවන් වන ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ගඩාෆි හිතවාදී බලවේගයක් නිර්මාණය කිරීම බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ගුවන් යානය පැහැරගත් පුද්ගලයින් දෙදෙනා 20 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පැවසෙන්නේ.

පැහැරගත් යානය මෝල්ටාවට ගොඩබැස්වීමෙන් පසු එහි සියලූ මගීන් යානයෙන් පිටව යාමටත් සලස්වා පැහැරගැනීම සිදුකළ පුද්ගලයින් දෙදෙනා ද එරට පොලිසියට භාර වුණා.