Friday, April 26, 2024

General line - 0115112241

ගුවන් අනතුරින් මිය ගිය 64ක් සංගීත ශිල්පීන් බව හෙළිවේ (UPDATE)




කළු මුහුදට කඩා වැටුණු රුසියානු හමුදා ගුවන් යානයේ සිටි 64 දෙනෙකු සුප‍්‍රකට ඇලේක්සැන්ඩ්‍රෝ හමුදා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් බව අනාවරණ වී තිබෙනවා.

අද සිදුවූ මෙම ගුවන් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ මුළු සංඛ්‍යාව 92ක්. ඒ අතරට මාධ්‍යවේදීන් 09 දෙනෙකුද ඇතුළත්. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානය රුසියාවේ සිට සිරියාව බලා ගමන් කරමින් තිබුණා.

යානය ගුවන් ගතවී විනාඩි දෙකකින් පසු ගුවන් යානය පිළිබඳ කිසිදු තොරතුරක් රේඩාර් පද්ධතියේ සටහන් වි නොමැති බවයි විදේස් මාධ්‍ය වාර්තා කළේ.

පසුව යානයේ සුන්බුන් සොයා ගැණුනේ කළු මුහුදේ වෙරළේ සිට කිලෝමිටර් එකහමාරක් පමණ දුරින් පිහිිටි අඩි 230ක් ගැඹුරු මුහුදු ප‍්‍රදේශයේදීයි.

alexandrov-ensemble-getty


අතුරුදහන් වූ ගුවන් යානය කඩා වැටෙයි

 

අතුරුදහන් වූ රුසියානු ගුවන් යානය කළු මුහුදට කඩා වැටී ඇති බව රුසියානු පුවත් සේවා වාර්තා කරනවා.

මෙම යානයේ පුද්ගලයින් 91 දෙනෙකු රැගෙන ගුවන් ගත වුනේ අද (25) පෙරවරුවේයි.

ගුවන් යානය ගුවන් ගත වී විනාඩි 20 කට පමණ පසුව එය රේඩාර් තිරයෙන් ඉවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.

රුසියානු යුද හමුදා ගීතිකා කණ්ඩායමක් සහ මාධ්‍ය වාර්තාකරුවන් කණ්ඩායමක් මෙම TU – 154 දරණ ගුවන් යානයේ ගමන් කර තිබෙනවා. ඒ සිරියාවේ ලටකියා ප්‍රදේශයට බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත්තේ මෙම කණ්ඩායම නව අවුරුද්ද සඳහා විශේෂ වැඩසටහනකට එක් වීමේ අරමුණින් පියාසර කළ බවයි.

3b9f561b00000578-4064628-image-a-42_1482643943099


සිය දෙනෙකු පමණ රැගත් තවත් ගුවන් යානයක් අතුරුදහන් වෙයි

(Dec 25, 2016 @ 10:33)

පුද්ගලයන් 100 කට ආසන්න පිරිසක් රැගත් රුසියානු ගුවන් යානයක් අතුරුදහන් වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අද (25) පෙරවරුවේ මෙම ගුවන් යානය ගුවන් ගත වීමෙන් පසු රේඩාර් පථයෙන් නොපෙනී ගොස් ඇති බවයි වාර්තා කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ගුවන් යානය සිරියාවට ගුවන් ගත වූ බවට නිල නොවන වාර්තා පෙන්වා දෙන බවයි.

15749634_1605359726157840_1743362289_n