අභාවප‍්‍රාප්ත හිටපු අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) සිදුකෙරෙනවා.
දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර හොරණ රත්නපුර මාර්ගයේ විද්‍යාරත්න හන්දියේ සිට හොරණ මහජන ක‍්‍රීඩාංගණය දක්වා පස්වරු 2.30ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මේ හේතුවෙන් පස්වරු 2.30 සිට පස්වරු 3.30 දක්වා හොරණ – රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇති විය හැකි බව පොලිසිය නිවේදනය කළා. එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.
විකල්ප මාර්ග පහතින් බලන්න…