මේ උදා වී ඇත්තේ රට විකිණීමේ වසර බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ එළඹෙන හත්වනදා හම්බන්තොට වරාය විකිණීමෙන් මෙම වැඩපිළිවෙල ආරම්භ වන බවයි.
“යහපාලනය කියන මුද්‍රාව යොදාගත්ත මේ ආණ්ඩුව 2017 වසර නම් කරලා තියෙනවා රට විකිණීමේ වසර කියලා. නිළ වශයෙන් එහෙම නම් කරලා නැහැ. හැබැයි වැඩපිළිවෙල ඇතුලේ මේ රට විකිණීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග තෝරගෙන තියෙනවා. පළවෙනි ක්‍රියාමාර්ගය අද ඉඳලා හරියටම දවස් 6කට පස්සේ හම්බන්තොටදී 07 වෙනිදා හම්බන්තොට වරාය විකිණීමේ ඒ 2017 වසරේ රට විකිණීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා”.
මාතර අද (01) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.