Friday, April 26, 2024

General line - 0115112241

අද තරගයේදී පිතිකරණ පිළිවෙල වෙනස් කිරීමට අවධානය




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (02) ආරම්භ වනවා.

ඒ, දකුණු අප‍්‍රිකාවේ කේප්ටවුන්හිදීයි.

කේප්ටවුන් තණතීරුව වේග පන්දු යවන්නන්ට වඩා උචිත තණතීරුවක් ලෙසටයි ප‍්‍රකට වන්නේ. පළමු දින දෙකේ දී වැඩි දෝලනයක් සහ වැඩි ඉපිලීමක් සහිත මෙම තණතීරුව දඟ පන්දු යවන්නන්ට සහයක් නොදක්වන තණතීරුවක් ලෙසට ද සැලකෙනවා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත්තේ දකුණු අප‍්‍රිකාවයි. ඒ අනුව තරග 03 කින් සමන්විත මෙම තරගාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට නම් අද තරගය ජයගත යුතු වනවා.

බොහෝ දුරට අද තරගයේ දී දුෂ්මන්ත චමීර වෙනුවට ලහිරු කුමාර ශ‍්‍රී ලංකාවට කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ද පැවසුවේ අද තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවිය හැකි බවයි. එමෙන්ම පිතිකරණ අනුපිළිවෙල වෙනස් කිරීම කෙරෙහි ද අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව බොහෝ විට ධනංජය ද සිල්වා අංක තුන පිතිකරු ලෙස අද තරගයේ දී පිටියට පිවිසෙනු ඇති.