Saturday, May 4, 2024

General line - 0115112241

නාවික හමුදාවට කෝටි 226ක ආදායමක්




ඉකුත් වසරේදී සමුද්‍රීය ආරක්‍ෂක කටයුතුවලින් නාවික හමුදාව රුපියල් කෝටි 226 ක ආදායමක් උපයා තිබෙනවා.

ඇවන්ගාඞ් පෞද්ගලික සමාගම සතුව තිබූ සමුද්‍රීය ආරක්‍ෂක කටයුතු නාවික හමුදාව වෙත භාර කෙරුණේ ඉකුත් 2015 වර්ෂයේ නොවැම්බර් මාසයේදීයි.

2016 වසරේදී පමණක් නාවික හමුදාව සිදුකර ඇති මෙහෙයුම් සංඛ්‍යාව හයදහස් තුන්සිය හැත්තෑ එකක්.

ඉකුත් කාලසීමාවේදී නාවික හමුදාව විසින් නැව් වාර හත්දහස් හාරසිය පනස් හතක මෙහෙයුම් සිදුකර තිබෙනවා.

උපයාගත් ආදායම් රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම බැර කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

navy-www-nethnews-lk001 navy-www-nethnews-lk002 navy-www-nethnews-lk003 navy-www-nethnews-lk004 navy-www-nethnews-lk005 navy-www-nethnews-lk006