Sunday, November 24, 2024

General line - 0115112241

බිරිඳගේ නිදහස වෙනුවෙන් දින 71ක් නොකා නොබී සිටි මිනිසාට ජය




සිය බිරිදගේ නිදහස වෙනුවෙන් දින 71 ක් පුරා උපවාසයක නිරත වූ ඉරාන ජාතික මානව හිමිකම් කි‍්‍රයාදරයා සිය උපවාසය අත්හැර තිබෙනවා.

ඒ, බන්ධනාගාරගත කර සිටි සිය බිරිඳ තාවකාලිකව නිදහස් කිරීමට තීරණය කිරීමත් සමගයි.

ඉකුත් වසරේදී ඇය අත්අඩංගුවට ගැණුණේ ඉස්ලාම් ආගමට නිග‍්‍රහ වන පරිදි සිය දින පොතේ තැබූ සටහනක් හේතුවෙන්.

ඇයගේ නිවසේ තිබී මෙම දින පොත පොලීසිය විසින් සොයාගනු ලැබීමත් සමග ඇය අත්අඩංගුවට පත් වුණා.

මෙම කාන්තාවද මානව හිමිකම් කි‍්‍රයාකාරිණියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. උපවාසයේ නිරත වූ ඇයගේ ස්වාමියාද මේ වනවිට බන්ධනාගාරගතව පසුවනවා.

_93204869_2c56457e-ca8a-4148-8cc4-9ad769d6da40 3932078b00000578-3827333-image-a-14_1475852909573 arash-sadeghi