Tuesday, April 16, 2024

General line - 0115112241

ජනපති මෛත්‍රී අසනීප වූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න



ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අසනීප වී බවට ඇතැම් වෙබ් අඩවි කරන ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේය.

අසනීප වීම හේතුවෙන් ජනපතිවරයා සිය යාපනයේ සංචාරයද අවලංගු කළ බවට තොරතුරු වාර්තා වුවත් ජනපතිවරයාට රාජකාරී බහුල වීම හේතුවෙන් එම සංචාරය අවලංගු කර ඇති බවද එම ප්‍රකාශකයා පැවැසීය.

එසේම යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුව කොළඹදී අද සවස පැවැත්වීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙයි.