Friday, April 26, 2024

General line - 0115112241

එන ඔක්තෝබරයේදී ලංකාවට අපලයක්! අලුත්ම අනාවැකිය මෙන්න



ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් සෙයිඞ් රාද් අල් හුසේන් කුමරු සිදු කළ ප‍්‍රකාශය මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාත්න්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර යහපත් බවත් එහෙත් කි‍්‍රයාවලිය සෙමෙන් සිදුවන බවත් සෙයිඞ් අල් හුසේන් කුමරු ප‍්‍රකාශ කළා. ඔහුගේ මෙම ප‍්‍රකාශය ඉදිරියේදී රටට කෙසේ බලපායිද? නෙත් නිවුස් මේ පිළිබඳ නීතීඥ ආචාර්ය ප‍්‍රතිභා මහානාම මහතාගෙන් විමසීමක් කළා.

හයිබි‍්‍රඞ් අධිකරණයක් ස්ථාපිත කිරීම අත්‍යවශය තත්වයක් බවත් පවතින තත්වය හමුවේ ලබන ඔක්තෝබර් මාසයේ ශ‍්‍රී ලංකාවට අවදානම් තත්වයක් පවතින බව මහානාම මහතා සඳහන් කළා.

“ජනාධිපතිතුමා බීබීසී යට පෙබරවාරි මාසෙ කිව්ව සම්පර්ණයෙන්ම දේශීය විමර්ෂණයකට යනව කියල. අගමැතිතුමා ආරක්ෂක ප්‍රධානීන්ට කිව්ව අපි යන්නෙ දේශීය පරීක්ෂණයකට, ඒකෙ ජාත්‍යන්තර විනිසුරුවරුන් හිටියොත් තවත් පිරිසිදුයි කියල. මේක ජිනීවා වලට ආරංචිවුණා. දැන් එහේ යන අලුත්ම තත්ත්වය තමයි අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන එක හොඳයි, නව පනත් ගේන එක හොඳයි. හැබැයි මේව පටලවගන්න හොඳ නැහැ. දෙමුහුන් අධිකරණයක් අත්‍යාවශ්‍යයි. ඒනිසා එන ඔක්තෝබර් මාසය ලංකාවට අවධානම්. අනිවාර්යයයෙන් දෙමුහුන් අධිකරණය දාන්න වෙනව. නැත්නම් අර බහා තබල තියෙන ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව දාල ඒ ගොල්ලො ඉදිරියට යයි.“