Monday, December 23, 2024

General line - 0115112241

හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර යළි රිමාන්ඩ්




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ජනවාරී 13වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් බණ්ඩාරගේ නියෝගයකට අනුවයි.

මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට ලැබුණු රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.