Monday, December 23, 2024

General line - 0115112241

2020 සේ ‘ජනපති අපේක්ෂකයා’ හෙළි කරයි




2020 වසරේ පැවැත්වෙන ජනපතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක පැවසුවා.

අනුරාධපුරයේ අද (09) පැවැති උත්සවයකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ “දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉදිරියේදී දේශපාලන වශයෙන් යන්න පුළුවන් තැන් මොනවද?..2020 ජනාධිපතිවරණය ඉල්ලන්න බැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා නම් කියනවා ඔහුට එක පාරයි ඉල්ලන්න පුළුවන් කියලා. හැබැයි පක්ෂයක් විහිදට අපිට දිනවන්න පුළුවන් වැඩක් කරපු අපේක්ෂකයෙක් විදිහට ඉන්නෙ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමයි.” යනුවෙනි.