Monday, December 23, 2024

General line - 0115112241

ඒකට විසිපන්දහසයි නම් මේකට පනස්දහසක් ගහන්න




මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම සඳහා අවම වශයෙන් රුපියල් පනස්දහසක දඩයක් නියම කරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය යෝජනා කරනවා.

කෙසේ වෙතත් බිමත්ව රිය පැදවීම හැර මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම නීතිය ප‍්‍රකාරව තවමත් වරදක් නොවන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ.

ඒ අනුව සුදුසු පරිදී නීතියද සංශෝධනය කළ යුතු බව ඔහු අවධාරණය කළා. කොළඹ අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ බීමත්ව රිය පැදවීමට රුපියල් 25000 සක දඩයක් නියම කරන්නේ නම් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන්ට ඊට වඩා වැඩි දඩයක් නියම කළ යුතු බවයි.