සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් සහ කාන්තා භටයින් 2500කට ආසන්න පිරිසක් අද (10) සිට පොලිස් සේවයට අනුයුක්ත කෙරෙනවා.
මීට පෙරද භටයින් සහ කාන්තා භටයින් 950කට ආසන්න ප්‍රමාණයක් පොලිස් සේවයට යොමුකළ බවත් ඒ අනුව 3400කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය සඳහා එක්ව සිටින බවත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම පැවසුවා.
සිය නිලධාරීන් පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීමට සහ වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට ද අනුයුක්ත කරන බව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
ඉකුත් 2016 වසරේදී රුපියල් මිලියන 970ක ආදායමක් උපයා ගැනීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමත් වූ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 2015දී ඔවුන් ලැබූ ආදායම රුපියල් මිලියන 423ක්.