භූමිතෙල් ලීටරයක මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කෙරෙනු ඇති.
මෙතෙක් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 49 ක්ව පැවැති අතර නව මිල අනුව එය රුපියල් 44 දක්වා පහත යනු ඇති.
2017 අයවැය අනුව භූමිතෙල් ලීටරයක මිල ජනවාරි සිට රුපියල් 05 කින් අඩු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශයට පත් කර තිබුණා.