හම්බන්තොට වරාය චීනයට බදු දීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව කරුණු දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
වසර 10ක් ඇතුළත හම්බන්තොට වරාය ලාභ ලබන තත්ත්වයට පත්කිරිම සිය රජයේ අරමුණ වූ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.
එසේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගොඩ නැගීම හරහා ලැබෙන ආදායම හම්බන්තොට වරායේ ණය වාරික ගෙවීමට යොදා ගැනීමට සැලසුම් කර තිබූ බවත් ඔහු පෙන්වා දෙනවා.
එසේම කර්මාන්ත කලාපයක් සඳහා අක්කර 15000ක් ලබාදීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දරාගත නොහැකි දෙයක් බවත් ඔහු පවසනවා.
(එම නිවේදනය පහතින් දැක්වෙයි)