මීළග ජනාධිපතිවරණයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිය පක්ෂය තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා.
ඒ පිළිබද සිය පක්ෂයේ අමාත්‍යවරුන් අදහස් පළ කිරීම පමණක් සිදුව ඇති බවයි හිටපු ජනාධිපතිනිය පැවසුවේ.
කොළඹදි අද (10) පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියාසිටියා.
එහිදී “එක එක්කෙනා අදහස් කියනවා.. ඒත් පක්ෂය තීන්දු කරලා නැහැ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් තමයි මමත්. ජනාධිපතිතුමා පොරොන්දු වුණා..විධායක ජනාධිපති ධූරය එතුමාගේ ධූර කාලයෙන් පස්සෙ නැති කරනවයි කියලා.” යනුවෙන් ද සඳහන් කළා.
ජාතික සමගිය සහ සංහිදියා කාර්යාංශය කි‍්‍රයාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුවේ දේශපාලන වාසි උදෙසා ජාතිවාදය පැතිරවීම රටේ ප්‍රධානතම ඛේදවාචකය වන බවයි. එසේ නොකළ එකම දේශපාලකයා තමන් බවත් දැන් වත්මන් ජනාධිපතිද එසේ නොකරන බවයි හිටපු ජනාධිපතිනිය වැඩි දුරටත් සඳහන් කළේ.
දැන් දැන් ඇතැම් ස්වාමීන්වහන්සේලාත් ජාතිවාදය පතුරවමින් ඇති බවත් සඳහන් කළා.