හම්බන්තොට ප්‍රදේශයේ සිදු කෙරෙන ආයෝජන සඳහා සියයට 90 කට වඩා පවරා ගන්නේ රජයේ ඉඩම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.
හම්බන්තොට ආයෝජනවලට විරුද්ධ වන්නේ එය සාර්ථකවීම හේතුවෙන් දේශපාලනික බලය බිද වැටෙන පිරිසක් බවද මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා මෙහිදී සදහන් කළා.
එහිදී ඔහු සඳහන් කළේ “හම්බන්තොට රාජපක්ෂලාගේ බලය කඩාගෙන වැටෙනවා. ඒකට බයේ තමයි අහිංසක පාක්ෂිකයන්ව පාරට ගෙනල්ලා කුලප්පු කරන්නේ.” යනුවෙනි.