Sunday, May 19, 2024

General line - 0115112241

මාධ්‍යවේදියාට පහරදීම ගැන විධිමත් පරීක්ෂණ අවශ්‍යයි




පරිසරවේදියකු සහ මාධ්‍යවේදියෙකු වන දයා නෙත්තසිංහ මහතාට මැරයන් පිරිසක් විසින් කරන ලද පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළ යුතු බව පාර්ශ්ව රැසක් පවසනවා.

ඔවුන් රජයට බල කර සිටින්නේ එම පරීක්ෂණ කඩිනම් කළ යුතු බවයි.

අද(14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමය ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ගාල්ල ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර ඇති කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් පසුගිය 12 වන දා දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වෙමින් වෙමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල වුණා.

එහිදී පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්වල රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ මහතා උත්සහ කිරීමේ දී මැරයන් ඊට විරෝධය පළකර ප්‍රහාරය එල්ලකොට ඇතිබවයි වාර්තා වන්නේ.