මේ දිනවල දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇද හැළුණ ද එය පවතින නියං කාලගුණ තත්ත්වයට විසඳුමක් නොවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පානීය ජලය ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය බෙදාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බවයි.
ලක්ෂ 10 කට වැඩි පුද්ගලයින් පිරිසක් මේ වනවිට නියඟයෙන් පීඩාවට පත්ව සිටිනවා.
පානීය ජලය, ආහාර සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ.