ලංගම බස් රථයක පාපුවරුවෙන් ඇද වැටුණු කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි අනුරාධපුර උළුක්කුළම ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
ඇය අනුරාධපුර – පුත්තලම ප‍්‍රධාන මාර්ගයේ දී උළුක්කුළම ප‍්‍රදේශයේ දී බසයෙන් බැසීමට උත්සහ ගත් අවස්ථාවේදී මෙලෙස ඇද වැටී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.