කිතුල්ගල ප්‍රදේශයේ දී කැලණි ගඟට මල අපද්‍රව්‍ය මිශ්‍ර වීම නිසා එම ප්‍රදේශයෙන් කැලණි ගඟේ දිය නාන පුද්ගලයින් අතර චර්ම රෝගයක් ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වී තිබෙනවා.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් මානෙල් කුලරත්න සඳහන් කළේ සංචාරක ව්‍යාපාරය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශයේ දී කැලණි ගඟ දැඩි ලෙස දූෂණය වන බවයි.
“කැලණි ගඟ වැඩිපුරම දූෂණයට ලක්වන කොටස තමයි කිතුල්ගල. විශේෂයෙන්ම සංචාරක පුරවරයක් නිසා මෙහිදී කැලි කසල එකතුවෙනවා වැඩියි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් කළ පරීක්ෂණයදී තමයි හෙළිවුනේ විශාල ප්‍රමාණයේ ඊකෝලයි බැක්ටීරියා ජලයට මිශ්රවෙලා තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ප්‍රාදේශිය සභාවට වගකීම පවරලා මධ්‍යම පරිසර අධිකාරිය මේ වන විට එම වාර්තාව යවලා තියෙනවා”.
මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර ඇති බව ද ඇය කියා සිටියා.
පවතින තත්ත්වය යටතේ කැලණි ගඟේ ජලයෙන් ස්නානය නොකරන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බවයි ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.
“දැනටම සමහර වෛද්‍යවරු අනතුරු අඟවනවා කැලණි ගඟේ වතුර නාන්න එපා කියලා. ඇඟ කසන ලෙඩක් මේ දවස්වල තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව ලෙස හඳුනගෙන තියෙන්නෙත්, ඔය කැලණි ගඟේ නාන අයට තමයි ඒක ඇවිත් තියෙන්නේ. හුඟක් වෛද්‍යවරු දැනුම් දෙනවා රෝගීන්ට දැන් යන්න එපා කියලා”.