Tuesday, May 21, 2024

General line - 0115112241

වෙළඳපොළේ විශේෂ පරීක්‍ෂණයක්




වෙළඳපොළේ අළෙවි කිරීමට ඇති පොල්තෙල්, බිත්තර, තිරිඟු පිටි සහ සූදුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය ප‍්‍රකාශ කළේ දිවයිනේ තෝරාගත් ප‍්‍රදේශ කිහිපයකින් අදාළ ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබාගෙන ඇති බවයි.

ඒවා ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයට සහ රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබෙනවා.

ඊට අමතරව කාර්මික තාක්‍ෂණ ආයතනයටද එම සාම්පල ලබාදී ඇති බවයි පාරිභෝගික අධිකාරිය ප‍්‍රකාශ කළේ.

වෙළඳපොළේ අළෙවි කෙරෙන පොල්තෙල්, බිත්තර, තිරිගු පිටි සහ සූදුරුවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ඉකුත් කාලසීමාවේදී පැමිණිලි වාර්තා වුණා.

එම පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම පරීක්‍ෂණය සිදු කිරීමටයි පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබෙන්නේ. ලබාගත් සාම්පලවල වාර්තා ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි පාරිභෝගික අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් කියාසිටියේ.