Monday, May 6, 2024

General line - 0115112241

බස් රථයක් පෙරළී 15 ක් රෝහලේ (PHOTOS)




දඹුල්ල – හබරණ මාර්ගයේ ඉනාමළුව ප‍්‍රදේශයේ දී අද අලුයම සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් බෝක්කුවක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවුණා.

එම අවස්ථාවේ බස් රථයේ ගමන්ගත් 15 දෙනාම තුවාල ලැබූ අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ දඹුල්ල සහ හබරණ යන රෝහල්වලටයි. ‍

තුවාල ලැබූවන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව දඹුල්ල රෝහලේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.

මෙලෙස අනතුරට ලක් වූයේ කදුරුවෙල සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක්.

පැවති වර්ෂාව හේතුවෙන් බස් රථය ලිස්සා යන්නට ඇති බවටයි පොලිසිය විශ්වාස කරන්නේ.

dambulla www.nethnews.lk001 dambulla www.nethnews.lk002 dambulla www.nethnews.lk003 dambulla www.nethnews.lk004 dambulla www.nethnews.lk005 dambulla www.nethnews.lk006 dambulla www.nethnews.lk007 dambulla www.nethnews.lk008 dambulla www.nethnews.lk009 dambulla www.nethnews.lk010 dambulla www.nethnews.lk011