Tuesday, December 12, 2023

General line - 0115112241

ගලිගමුවේ අනතුරකින් අයෙකු මරුට – 8කට තුවාල




කෑගල්ල, ගලිගමුව ප‍්‍රාථමික විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ නුවර සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරායි. තුවාල ලැබූවන් අකුරණ, පරගහදෙණිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.