Tuesday, April 23, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට‍්‍රම්ප් වැඩ බලන නීතිපති ඉවත් කරයි




අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා පත් කර තිබූ එරට වැඩ බලන නීතිපතිවරයා නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් ඉවත් කර තිබෙනවා.

බී.බී.සී ලෝක සේවය සඳහන් කළේ අමෙරිකානු නව ජනාධිපතිවරයාගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තිවලට එරෙහිව වැඩ බලන නිතිපතිවරයා කටයුතු කිරීම හේතුවෙන් ඔහු ඉවත් කර ඇති බවයි.

අමෙරිකාවට පැමිණීම වළක්වාලමින් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඉදිරිපත් කර තිබෙන සංක‍්‍රමණික නිතිවලට මේ වන විට රටවල් ගණනාවක විරෝධයක්ද එල්ල වී ඇති බවයි බී.බී.සී ලෝක සේවය සඳහන් කළේ.