Monday, December 11, 2023

General line - 0115112241

දෙමළ සන්ධානයේ රැස්වීමක් විග්නේෂ්වරන් මග හරියි




දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ හමුවක් වවුනියාවේදී අද (16) පැවැත්වුණා. ඒ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු යෝජනා සහ තවත් කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ පවතින අභ්‍යන්තර ගැටලු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇති බවයි අනාවරණ වුණේ.

කෙසේ වෙතත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා මෙම සාකච්ඡාවට සභභාගි නොවීම විශේෂත්වයක්.