Thursday, May 16, 2024

General line - 0115112241

සප්ත කන්‍යා කඳුවැටියේ මංමුලා වූ සිසුන් සොයාගැනේ (UPDATE)




සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට ගොස් අතරමං වූ විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනා සොයා ගෙන ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

මොවුන් ඊයේ (16) පස්වරුවේ සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට ගොස් ඇති අතර පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැවත පහළට බැසීමේදී අතරමං වී තිබෙනවා.


 

සප්ත කන්‍යා තරණයට ගිය සිසුන් හිරවෙයි

(Jul 17, 2016 @ 06:31)

සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පස් දෙනෙකු අතරමං වී තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාරු පැවසුවේ ඔවුන් සොයා මේ වන විට යුද හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි. මෙලෙස අතරමංව ඇත්තේ කොතලාවල ආරක්ෂක පීඨයේ සිසුවෙක් සහ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් සිවුදෙනෙක්.

එ් අතර විදේශීය සිසුවෙක් සහ සිසුවියක්ද සිටිනවා. මොවුන් ඊයේ (16) පස්වරුවේ සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට ගොස් ඇති අතර පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැවත පහළට බැසීමේදී අතරමං වී තිබෙනවා.

මෙලෙස අතරමංව සිටින විශ්වවිද්‍යාල සිසුවෙකු සමග හැටන් නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ දුරකතනය ඔස්සේ සම්බන්ධ වුණා. එහිදී එම සිසුවා පැවසුවේ මේ වන විට තමන් සිටින ස්ථානයේ සිට ඉහළට හෝ පහළට ගමන් කිරීමේ හැකියාවක් නොමැති බවයි.

(එම හඬපටය පහතින් අහන්න)

සිසුන් සෙවීම සඳහා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ භට පිරිස් දැඩි උත්සහයක නිරත වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

20160717_000028 20160717_000132