Sunday, December 22, 2024

General line - 0115112241

පොඩි ලැසී රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර




දකුණේ පාතාල ක‍්‍රියා රැසකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසියට අද (10) අවසර හිමි වුණා. ඒ, සැකකරු බලපිටිය මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.

T 56 ගිනි අවියක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ හෙරොයින් ග‍්‍රෑම් 4ක් සමග මීටියාගොඩ ප‍්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගැණුනේ ඊයේ දිනයේදීයි. ඒ සමග ඔහුගේ සහයකයෙකු වන කළුදේව උදාර සම්පත් නමැත්තා ද අත්අඩංගුවට ගැණුනා.

පොඩි ලැසී නමැත්තා පසුගිය සමයේ අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතන කිහිපයකට ද සම්බන්ධ අයෙක් බවයි පැවසෙන්නේ. රත්ගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ ඝාතනය, අම්බලන්ගොඩ මාදම්පේ ප‍්‍රදේශයේ එකම පවුලේ මව, පියා සහ දරුවා ඝාතනය කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා කිහිපයක්.