Sunday, December 22, 2024

General line - 0115112241

 වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය  අද ඇරඹේ 




වයඹ පළාතේ දීර්ඝ කාලීන ජල ගැටලූවට විසඳුමක් ලෙස වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය  අද ආරම්භ වනවා.

ඒ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම ව්‍යාපෘතිය මගින්  ජලය අක්කර අඩි එක් ලක්ෂ පන්දහසක් පමණ වාර්ෂිකව කුරුණෑගල දිිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට ලබාදෙනු ඇති. 

එමගින් ප්‍රදේශයේ කුඩා වැව් 300ක් හා ප්‍රධාන වැව් 8ක් පෝෂණය කිරීමට නියමිතයි. 

ගොවි බිම් හෙක්ටයාර් දොළොස් දහසකට ද මෙමගින් ජලය සැපයෙනු ඇති. 

2024 වසරේ අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන දහසය දහසක්.